රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දිනයේ (11) පාර්ලිමේන්තුවේදීයි.
ඒ අනුව එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාහ ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.