Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර ගිවිසුම සම්මතයි

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර ගිවිසුම සම්මතයි

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර ගිවිසුම සම්මතයි

ඊයේ දිනයේ (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ලද ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතයට අදාළව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 163ක් හිමිවූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවී තිබෙනවා.

ඒ අනුව යෝජනා සම්මතය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අනුමත වුණා.

2025.08.21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම ගිවිසුම ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර 2025 පෙබරවාරි 12 වැනි දින අත්සන් කරනු ලැබූවක්.

ඒ අනුව මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතිකයන්ගේ හෝ එම රාජ්‍යයේ නීති ප්‍රකාරව සංස්ථාගත කරන ලද නැතහොත් සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ආයෝජන ශ්‍රී ලංකාවේදී ප්‍රවර්ධනය කිරීම හා සුරක්ෂා කිරීම සඳහා වන ගිවිසුමක්.

මෙරට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අනුමත කළ යුතුව තිබූ අතර ඒ අනුව මීට අදාළ විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් පැවැත්වුණා.

Exit mobile version