Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 1,604,018 සීමාව ඉක්මවයි

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 1,604,018 සීමාව ඉක්මවයි

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 1,604,018 සීමාව ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 1,604,018 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

සැප්තැම්බර් මාසයේ මුල් දින හත තුළ සංචාරකයින් 37,495ක් මෙරටට පැමිණ ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඉකිත් ඉරිදා දින (07) වන විට 1,604,018ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 10,171ක් පැමිණ ඇති අතර එය 27.1%ක්.

තවද, එක්සත් රාජධානියෙන් 3,033ක්, ජර්මනියෙන් 2,426ක්, ඔස්ට්‍රේලියාවෙන් 1,806ක් සහ චීන ජාතිකයින් 1,803ක්.

මේ අතර, 2025දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවෙන් පුද්ගලයින් 335,766ක් ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා.

තවද, 2025දී එක්සත් රාජධානියෙන් සංචාරකයින් 154,174ක් පැමිණ ඇති අතර රුසියාවෙන් සංචාරකයින් 119,592ක්ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

Exit mobile version