Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය කාලය පුරා ධුරයෙන් ඉවත්වන ලෙස ඔහුට එල්ලවූ බලපෑම් හමුවේයි මෙම තීරණය ගෙන ඇත්තේ.

පසුගිය ජුලි මාසයේ පැවති මැතිවරණයෙන් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලද පරාජයත් සමග අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස ඔහුගේ පක්ෂයෙන්ම එල්ලවන බලපෑම ඉහළ ගියා.

පරාජයේ වගකීම ෂිගෙරු ඉෂිබා භාරගත යුතු බවටයි පක්ෂ සාමාජිකයින් සඳහන් කළේ.

පරාජයත් සමග ඔහුගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වුණා.

තමා ධුරයෙන් ඉවත්වන බව අග්‍රාමාත්‍යවරයා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සභාපතිවරයාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version