Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගනී

රජය වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගනී

රජය වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගනී

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවය.

අම්පාර දිස්ත්‍රිකයේ සියයට 85ක් මේ වනවිට අස්වනු නෙලා අවසන් වී ඇති අතර අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වී මිලදි ගැනීමද තවදුරටත් සිදුවන බව ඔහු කියා සිටියේය.

වී මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රජය මඟින් රුපියල් මිලියන 60,000ක මුදලක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලියන 55,000ක මුදලක් ගොවීන් වෙන ගෙවා අවසන් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version