Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන් තැපෑලෙන් පැමිණි කෝටි 31 මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

ගුවන් තැපෑලෙන් පැමිණි කෝටි 31 මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

ගුවන් තැපෑලෙන් පැමිණි කෝටි 31 මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

රුපියල් 31 කෝටි 20 ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කූරියර් පාර්සල් ලෙස කටුනායක, සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වන කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් වෙත ලැබී තිබියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ(03) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය අතර එක්ස්ටැසී හෙවත් මෙතැම්පටමයින් පෙති 23,642ක්, කොකේන් කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 445ක්, මැන්ඩී ග්‍රෑම් 993ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 098ක්ද තිබුණි.

මේවා කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර ජර්මනිය, චෙක් ජනරජය, සැම්බියා, ඇමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට කොළඹ, පානදුර, වත්තල, රාජගිරිය සහ මොරටුව යන ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි.

මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් නොපැමිණීම නිසා, මෙම ලිපිනයන් පිළිබද රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සොයා බලා ඇති අතර ඒවා සියල්ල ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Exit mobile version