Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කරයි

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කරයි

උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

මේ යටතේ 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීම අපේක්ෂා කෙරෙන අතර, 2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 ඇතුළත එය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

නිෂ්පාදන ඒකකයේ කටයුතු ආරම්භ කරමින් බීජ පොල් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

‍මේ අතර පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිවරයා එක්ව සිටියා.

Exit mobile version