Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ ඇතුළු 4කට අධිචෝදනා

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ ඇතුළු 4කට අධිචෝදනා

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ ඇතුළු 4කට අධිචෝදනා

අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන වෙත දන්වා තිබෙනවා.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61,46110ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදල් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කර ඇති බව කියන සිද්ධියට අදාළවයි.

කුරුණෑගල බිංගිරිය හා නාරම්මල ප්‍රදේශවල 2014 වසරේ අග භාගයේදී ගම්වතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් මෙම අක්‍රමිකතාව සිදුකර ඇති බවට පෙත්සම්කාර පාර්ශ්වය චෝදනා කර තිබෙනවා.

එසේ අධි චෝදනා ගොනුකර ඇත්තේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න(බිරිඳ) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස් අමරසේකර හා අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු වන අනුර සෙනෙවිරත්න නමැති සිව් දෙනාට එරෙහිවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව එම අධිකරණයේ විභාගයට ගැනුණු නඩු කටයුතු අවසන් කළා.

මහාධිකරණයෙන් නොතීසි ලද පසුව එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුවන් සිව් දෙනාට අධිකරණයෙන් නියම වී තිබෙන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා මේ වනවිට ඇප මත මුදා හැර තිබෙනවා.

Exit mobile version