Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 05කට පසු ඉන්දියාව සහ චීනය අතර යළි ඍජු ගුවන් ගමන්

වසර 05කට පසු ඉන්දියාව සහ චීනය අතර තීරණයක්

වසර 05කට පසු ඉන්දියාව සහ චීනය අතර තීරණයක්

වසර 05කට පසු ඉන්දියාව සහ චීනය අතර යළි ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ චීන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නතර කෙරුණු දෙරට අතර ඍජු ගුවන් ගමන් ලබන මස මුල සිට යළි ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ෂැන්හයි සහයෝගීතා සංවිධාන සමුළුවට සහභාගී වීම සඳහා චීනයට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද චීන ජනාධිපති ෂී ජින් පින්ග් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබුණි.

සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ද ඊයේ දින (31) චීනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නේටෝ ඇතුළු බටහිර සන්ධානවල බලපෑම් සීමා කිරීම සඳහා ප්‍රති පියවරක් ලෙස චීනය, රුසියාව සහ මධ්‍යම ආසියානු රටවල් 4ක් විසින් 2001 වසරේ දී ෂැන්හයි සහයෝගීතා සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු සංවිධානය කෙරෙන විශාලතම සමුළුව මෙවර සංවිධානය කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් විය.

Exit mobile version