Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලක්ෂ 20ක අල්ලස් ගැනීමට උත්සාහ කළ සුරාබදු නිලධාරීන් 3 දෙනෙක් අත්අඩංගුවට

ලක්ෂ 20ක අල්ලස් ගැනීමට උත්සාහ කළ සුරාබදු නිලධාරීන් 3ක් අත්අඩංගුවට

ලක්ෂ 20ක අල්ලස් ගැනීමට උත්සාහ කළ සුරාබදු නිලධාරීන් 3ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බව පවසමින් ලක්ෂ 20ක අල්ලස් ලබා ගැනීමට තැත් කළ චන්කානයි හි සුරාබදු කාර්යාලයේ නිලධාරීන් තුන් දෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්. සංජීව මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව (29) සවස සිදුකළ වැටලීමකදි මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සුරාබදු නිලධාරීන් තිදෙනා මාදගල් ප්‍රදේශයේ වෙරළ තීරයකදී හොරයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව තමන් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් බව පවසා තිබේ.

පසුව ඔහුව චන්කානෙ හි පිහිටි සුරාබදු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ඔහුගේ සහෝදරිය වෙත අමතා ඇති සැකකරුවන් විසින් අදාළ පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ.

පසුව මෙම සිද්ධිය සම්බන්ධව අදාළ කාන්තාව විසින් උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව සිදුකළ වැටලීමකදි අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 48,36,32 වයස්වල පසුවන සුරාබදු ප්‍රධාන නිලධාරීවරයෙකු සහ සුරාබදු නියාමකවරුන් දෙදෙනෙකු බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

Exit mobile version