මාධ්‍යවේදීන් පස්්දෙනකුට මරු කැඳවමින් ගාසා තීරයේ නසීර් රෝහලට ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරය යුද අපරාධයක් බව ඊශ්‍රායලයේ දේශපාලන විද්‍යාඥ මේනචෙම් ක්ලේන් ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
එය අහඹු සිදුවීමක් නොවන බවත්, අගමැති නෙතන්යාහුගේ යුද උපක්රමයට අනුව හමුදාව විසින් සැලසුම්සහගත ලෙස සිදු කළ ප්‍රහාරයක් බවත් ඊශ්‍රායල දේශපාලන විද්‍යාඥවරයා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ගාසා තීරය ඇතුළත සිටින සියලු පුද්ගලයන් තුරන් කිරීම ඊශ්‍රායල හමුදාවේ ඉලක්කය වී ඇතැයිද, ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධව දැඩි ලෙස අවධානය යොමු කළ යුතුව ඇතැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.