Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 මුල් මාස 07 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩො.බි 10කට ආසන්න අගයක්

2025 මුල් මාස 07 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩො.බි 10කට ආසන්න අගයක්

2025 මුල් මාස 07 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩො.බි 10කට ආසන්න අගයක්

2025 වසරේ මුල් මාස හතට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9.99ක් වාර්තා කර තිබේ. එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 7.79%ක වැඩිවීමක් බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සදහන් කරයි.

ඒ අනුව 2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන ස්ථාවර ගම්‍යතාවයක් පෙන්නුම් කර ඇත.

2025 ජූලි මාසයේදී පමණක්, වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළත් මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,641.11 දක්වා ළඟා වූ අතර එය 2024 ජූලි මාසයට සාපේක්ෂව වසරින් වසර 12.68%ක ආකර්ෂණීය වර්ධනයක් වාර්තා කළේය.

මෙම වර්ධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළෙඳපල ප්‍රවේශය පුළුල් කිරීමට සහ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල කාර්යක්ෂමතාව ඉස්මතු කිරීමක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

“මෙම වර්ධනය ගෝලීය වෙළදාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒකාබද්ධ වීමත්, වෙළදපොල අවස්තා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරීමට දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වය ඉස්මතු කරයි. අපගේ අපනයනකරුවන් වෙනස්වන ගෝලිය වෙළදපොලට අනුවර්තනය වන ආකාරයත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත් මෙමගින් නැවතත් පෙන්වා දී ඇත.

ජූලි මාසයේදී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ඉක්මවා ගොස් පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වීම සාධනීය අගයකි. ගෝලීය අභියෝග මධ්‍යයේ අපනයනකරුවන්ගේ ශක්තිමත්භාවය මෙයින් පිළිබිඹු කරයි. ඉදිරි අන‌පේක්ෂිත තත්ත්වයන් පිළිබද සැලකිලිමත් වෙමින්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමෙන් සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීම තුලින 2025 අපනයන ඉලක්කය සපුරා ගත හැකි බව අප විශ්වාස කරමු.”

2025 ජූලි මාසයේදී පමණක්, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 15.37% කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,304.0ක් දක්වා ළගා වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත ආදායමද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 7,799.82කි. එය 2024 එම කාලයට සාපේක්ෂව 7.22%ක වැඩිවීමකි.

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍රධාන ශක්තියක් වී ඇත. ජුලි මාසයේදී සේවා අපනයන ආදායම ඇමරිකානු ‌ඩොලර් මිලියන 337.11කි. වසරේ මුල් මාස හත තුළ සේවා අපනයනය 9.86%කින් වර්ධනය වි ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 2192.71කි. මෙම ප්‍රවණතාවය ශ්‍රි ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම පිළිබිඹු කරයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍ර‍ය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි.

Exit mobile version