පොලිස් පරීක්ෂකවරුන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබේ.
ඒ අනුව, පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් පරීක්ෂකවරුන් 51 දෙනා සහකාර පොලිස් අධිකාරී නිලයට මෙලෙස උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.
2023 වසරේ පැවති සීමිත තරග විභාගයෙන් මෙසේ උසස්වීම් ලද නිලධාරීන් අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ 03 දෙනෙක්ද සිටින බව සදහන්ය.