Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වි තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (12) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමතිය ලබාදෙන ලදී.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අතර මේ මගින් ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු අ‍ායතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සිදු වේ.

එසේම 2025.04.28 දින අංක 2434/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද ආනයන තීරු බදු සම්බන්ධයෙන්, රේගු ආඥා පනතේ (235 වන පරිච්ඡේදය) 10 වන වගන්තිය යටතේ යෝජනාව සඳහා, 2025.04.28 දින අංක 2434/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නියමය සඳහා, සහ 2025.04.28 දින අංක 2434/05 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද සම්බන්ධයෙන් 2018 අංක 35 දරන මූදල් පනතේ 51 වන වගන්තිය සමඟ කියවිය යුතු 19 වන වගන්තිය යටතේ නියෝගය සඳහාද කාරක සභාවේ සළකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ අනුමතිය හිමිවිය.

Exit mobile version