ඊශ්‍රායලය සහ අමෙරිකාව සමඟ උද්ගතවූ දින 12ක යුද සමයේදී ඉරාන පොලීසිය විසින් සැක කටයුතු පුද්ගලයන් 21,000ක් අත්අඩංගුවට ගනු ලැබූ බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ජූනි මාසයේ 13 වැනිදා පළමුවරට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළ හමුදා නිලධාරීන් සහ විද්‍යාඥයන් ඝාතනයට ලක්වීමෙන් පසු එරට පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදාව මහා පරිමාණයේ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බවත්, ඊශ්‍රායලයට ඔත්තු සැපයූ බවට සැක කරන පුද්ගලයන් රැසක් එහිදී පොලිස් භාරයට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයකු පිළිබඳ දැනුම් දෙන ලෙස ඉරාන ජනතාවට ආරක්ෂක අංශවලින් උපදෙස් ලබා දීමෙන් පසු අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, ඉරාන පොලිස් ප්‍රකාශක සයිඩ් මොන්ටසීරෝ ඉමාඩි ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට නොහැකි බවය. එහෙත් එම පුද්ගලයන් ඊශ්‍රායලයට ඉරානය තුළ ප්‍රහාර සිදු කිරීමට සහාය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.