Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රථවාහන වැරදි සම්බන්ධයෙන් 3369ක් අත්අඩංගුවට

රථවාහන වැරදි සම්බන්ධයෙන් 3369ක් අත්අඩංගුවට

රථවාහන වැරදි සම්බන්ධයෙන් 3369ක් අත්අඩංගුවට

මුළු දිවයිනම ආවරණය වන පරිදි ඊයේ (09)දින අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ඊයේ (09) දින පරීක්ෂා කළ පුද්ගලයින් ගණන 25503ක් බව එම නිවේදනයේ සඳහන්.

අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 29ක්. එමෙන්ම සැකපිට අත්අඩංගුවට ගත් ගණන 704ක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 203ක්‌. අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 107ක්.

තවද බීමත් රියදුරන් 100ක් සහ අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 17ක් අත්අඩංගුවට ගත් බව නිවේදනයේ සඳහන්.

රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 3369ක් අත්අඩංගුවට ගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Exit mobile version