දේශීය නිෂ්පාදිත ගිනි අවි 3 සමග සැකකරුවන් තිදෙනෙකු අරලගංවිලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අරලගංවිල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අරලගංවිල, කජුවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 34 සහ 39 වයස්වල පසුවන රුහුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසයි.