Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාකි­ස්තා­න­ය ඇෆ්ගන් සර­ණා­ග­ත­ මිලි­යන 1.2ක් පිටු­ව­හල් කරයි

පාකි­ස්තා­න­ය ඇෆ්ගන් සර­ණා­ග­ත­යෝ මිලි­යන 1.2ක් පිටු­ව­හල් කරති

පාකි­ස්තා­න­ය ඇෆ්ගන් සර­ණා­ග­ත­යෝ මිලි­යන 1.2ක් පිටු­ව­හල් කරති

තව­දු­ර­ටත් සිය රට තුළ රැඳී සිටීම සඳහා කාල­සී­මාව දීර්ඝ කිරීම ප්‍රති­ක්ෂේප කළ පාකි­ස්තාන බල­ධා­රීන් ඇෆ්ග­නි­ස්තාන සර­ණා­ග­ත­යන් බල­හ­ත්කා­ර­යෙන් පිටු­ව­හල් කිරීම නැවත ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසු­ගිය 2023 වසරේ සැප්තැ­ම්බ­රයේ සිට මේ දක්වා මිලි­යන 1.2කට ආසන්න සර­ණා­ග­ත­යන් පිරි­සක් පාකි­ස්තා­න­යෙන් පිටු­ව­හල් කර ඇතැයි සර­ණා­ග­ත­යන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය නිවේ­ද­නය කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

පාකි­ස්තාන රජයේ තීර­ණ­යෙන් පසු­ගිය ජූනි මාස­යේදී කල් ඉකුත් වූ එරට නීත්‍යනු­කූ­ලව ලියා­ප­දිංචි වී සිටින ඇෆ්ගන් සර­ණා­ග­ත­යන් මිලි­යන 1.4ක් දුෂ්ක­ර­තා­වට පත්වී ඇති බවත්, ඉන් වැඩි පිරි­සක් පාකි­ස්තා­නයේ ඔවුන් සතුව තිබූ ඉඩ­ක­ඩම් සහ ව්‍යාපා­රික ස්ථාන විකුණා දමා ඇෆ්ග­නි­ස්තා­නය බලා යෑමට තවත් වස­රක පමණ කාල­යක් ලබා­දෙනු ඇතැයි අපේ­ක්ෂා­වෙන් පසු­වූ­වන් බවත් වාර්තා වේ. පාකි­ස්තාන රජය විසින් ගනු ලැබූ මේ පිය­වර එක්සත් ජාතීන්ගේ සර­ණා­ගත ඒජ­න්සියේ දැඩි විවේ­ච­න­යට ලක්වී ඇති බවද වාර්තා වේ.

පාකි­ස්තාන රජය විසින් පිටු­ව­හල් කිරී­මට නිය­මිත ඇෆ්ගන් සර­ණා­ග­ත­ය­න්ගෙන් ලක්ෂ 8ක් පමණ එරට පුර­වැසි බල­පත්‍ර හිමි­යන් වන අතර ඔවුන් මේ වන­විට පිටු­ව­හල් කිරීම සඳහා නැඟෙ­න­හිර පන්ජාබ්, නිරි­ත­දිග බලු­කි­ස්තාන සහ දකු­ණු­දිග සින්ද් ප්‍රාන්ත­වල රඳවා තබා සිටින බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

Exit mobile version