Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාලදිවයිනට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා

මාලදිවයිනට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා

මාලදිවයිනට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා

සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට යන මෙරට පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම ඊයේ දින (29) සිට ක්‍රියාත්මකයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව මෙම තීරණය ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම පමණක් ප්‍රමාණවත් වන බවයි සඳහන් වන්නේ.

මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතරවන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය පවසනවා.

Exit mobile version