Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කඩොලාන වනාන්තර 08ක් අද (26)දින සිට රක්ෂිත වෙයි

කඩොලාන වනාන්තර 08ක් (26)දින සිට රක්ෂිත වෙයි

කඩොලාන වනාන්තර 08ක් (26)දින සිට රක්ෂිත වෙයි

අන්තර්ජාතික කඩොලාන සංරක්ෂණ දිනය යෙදී තිබූ අද(26) දින පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 8ක් රක්ෂිත ලෙස ආරක්ෂා කිරීමේ වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්‌ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඒ අනුව මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර 67 කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කෙරුණු අතර පරිසර අමාත්‍යවරයා විසින් ඊට අදාළ ගැසට් පත්‍ර සදහා අත්සන් තබන ලදී.

මෙම වැඩසටහන අද (26) පෙරවරුවේ පාලවිය කරඹ පරිශ්‍රයේදී පැවැත්විණ.

මේ අවස්ථාවට සමගාමීව කඩොලාන පැළ සිටුවීමද සිදුවිය.

Exit mobile version