Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නවා – මැක්රෝන්

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නාවා - මැක්රෝන්

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නාවා - මැක්රෝන්

පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා බව ප්‍රංශය පවසයි.

මේ අනුව පලස්තින රාජ්‍යය පිළිගන්නා පළමු ජී 7 රට බවට ප්‍රංශය පත්වනු ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසා තිබෙන්නේ පලස්තින රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා බවට වන නිවේදනය සැප්තැම්බර් මාසයේදි නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බවයි.

නිව්යෝර්ක් හි පැවැත්වෙන ජගත් මහා මණ්ඩල සැසියකදි එම විධිමත් නිවේදනය නිකුත් කරන බවද ඔහු පවසා තිබෙනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ගාසා තීරයේ යුද්ධය අවසන් කර සිවිල් ජනතාව බේරාගැනිම හදිසි අවශ්‍යතාවක් බවයි.

වහාම සටන් විරාමයකට යා යුතු අතර සාමය ඇති කළ හැකි බවත් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිම හා ගාසා ජනතාවට දැවැන්ත මානුෂිය ආධාර අවශ්‍ය බවත් ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රංශයේ තීරණය ඇමරිකාව දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රංශයට අමතරව ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ජර්මනිය, කැනඩාව සහ ජපානයද ජී 7 රට වලට අයත් වේ.

Exit mobile version