Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇත් අතුරු සෙවණ ලද අලි ඇතුන් 06කු උඩවලව මව් ආර රක්ෂිතයට

ඇත් අතුරු සෙවණ ලද අලි ඇතුන් 06කු උඩවලව මව් ආර රක්ෂිතයට

ඇත් අතුරු සෙවණ ලද අලි ඇතුන් 06කු උඩවලව මව් ආර රක්ෂිතයට

උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබමින් සිටි අලි ඇතුන් 06 දෙනෙකු උඩවලව මව් ආර රක්ෂිතයට මුදා හැරීම අද (17) දින පෙරවරුවේ දී සිදු වූ අතර එම කටයුත්ත ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මව් සෙනෙහස අහිමි වී වසර 05කට ආසන්න කාලයක් උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබමින් පෝෂණය වූ අලි ඇතුන් 06 දෙනෙකු මෙලෙස මුදා හැරුණු අතර පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ යන මහත්වරුන්ද වැඩසටහනට සහභාගී වූහ.

මෙම අලි ඇතුන් පෝෂණය කිරීම සදහා විදේශ සංවිධාන සහ සත්වවේදීන්ගේ සංවිධානවලින් දායකත්වය ලබා දී තිබූ අතර ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබමින් සිට මෙලෙස මුදා හැරුණේ 26වන කණ්ඩායම වේ.

උවඩලව ඇති අතුරු සෙවණේ වර්තමාන තත්වය පිළිබඳ ගරු පරිසර අමාත්‍යවරු විසින් නිරීක්ෂණයන් සිදු කළ අතර ඉතා සාර්ථක අයුරින් ඇත් අතුරු සෙවණ පවත්වාගෙන යාම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන් අතර උඩවලව ජාතික වනෝද්‍යාන පිවිසුම් කාර්යාලයේ පවතින ගැටලු පිළිබඳද අවධානය යොමු කරන ලදී.

Exit mobile version