Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නවකවධය වැළැක්වීමට අධිකරණයෙන් UGCට නියෝග‍යක්

නවකවධය වැළැක්වීමට අධිකරණයෙන් UGCට නියෝග‍යක්

නවකවධය වැළැක්වීමට අධිකරණයෙන් UGCට නියෝග‍යක්

විශ්වවිද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කර තිබේ.

එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයාට නියම කර ඇති බවද අප අධිකරණ වාර්තාකරු පැවසීය.

2020 වසරේ නවක වදය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට සිදුවූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින පළමු වසරේ සිසුවක වන පසිඳු හිරුෂාන්ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වැනිදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල වැනි සුළු මඩුල්ල නියම කර තිබේ.

Exit mobile version