Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවිමට කමිටුවක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන්න කමිටුවක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන්න කමිටුවක්

2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති බවට කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලකගේ සභාපතිත්වයෙන් යුක්තවයි පත් කර ඇත්තේ.

2025 මැයි 17වන දින පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223වන පාලක මණ්ඩල රැස්වීමේදී මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබෙන අතර ඒ අනුව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

Exit mobile version