Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

BCCය ඩිජිටල් වෙයි

BCCය ඩිජිටල් වෙයි

BCCය ඩිජිටල් වෙයි

කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන BCC ලංකා ලිමිටඩ් ආයතනයේ නිෂ්පාදන හා අලෙවි කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණින්, වසර 35කට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ආ සාමාන්‍ය ක්‍රමවේදය (Manual System) වෙනස් කරමින් ආයතනයේ කටයුතු ඩිජිටල්කරණය කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) සිදුකරන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන අතරින් ඩිජිටල්කරණයට ලක් කළ පළමු ආයතනය BCC ලංකා ලිමිටඩ් වන අතර මෙම ඩිජිටල්කරණ කාර්යය e Zuite පුද්ගලික සමාගම විසින් BCC ලංකා ලිමිටඩ් ආයතනය වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරදීම විශේෂත්වයයි. මෙම ඩිජිටල්කරණය හරහා ආයතනයේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් යුක්තව සිදු කිරීමට හැකියාව ලැබෙන අතර ඉදිරියේදී BCC නිෂ්පාදන online මගින් (අන්තර්ජාලය හරහා) මිලදී ගැනීමට BCC පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දෙන බව BCC ලංකා ලිමිටඩ් ආයතනයේ සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට සමගාමීව නවීකරණය කරන ලද BCC ලංකා ලිමිටඩ් වෙබ් අඩවිය හා Facebook සමාජ මාධ්‍ය පිටුව එළිදැක්වීමද සිදුවිය.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, BCC ලංකා ලිමිටඩ් ආයතනයේ සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා, BCC ලංකා ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ඇතුළු නිලධාරීන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්, e Zuite පුද්ගලික සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Exit mobile version