Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්අංගුවට ගත් විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ්

අත්අංගුවට ගත් විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ්

අත්අංගුවට ගත් විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ්

අල්ලස් කොමිසමේ නිලධාරින්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කෙසෙල් වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න යන අය ජුලි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙකී සැකකාරියගේ මානසික තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසෙල් වත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග හමුවට අද දින (07) ඉදිරිපත් කෙරුණි.

Exit mobile version