Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රා­යල ප්‍රහා­රයෙන් පැය 48ක් තුළ පලස්තීනුවන් 250කට දිවි අහිමි වෙයි

ඊශ්‍රා­යල ප්‍රහා­රයෙන් පැය 48ක් තුළ පලස්තීනුවෝ 250කට දිවි අහිමි වෙයි

ඊශ්‍රා­යල ප්‍රහා­රයෙන් පැය 48ක් තුළ පලස්තීනුවෝ 250කට දිවි අහිමි වෙයි

ඊශ්‍රා­යල හමු­දා­වෙන් අඛ­ණ්ඩව එල්ල වන ප්‍රහාර හමුවේ පැය 48ක් තුළ ගාසා තීරයේ සිවිල් වැසි­යන් 250 දෙනකු ඝාතනයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙම මස පලමුවනදා (01) රාත්‍රියේ සිදුවූ ප්‍රහා­ර­ව­ලින් 43 දෙන­කු ඝාතනයට පත්වු බවත්, ඒ අනුව සති 5ක් තුළ පල­ස්තී­නු­වන් 600කට ආසන්න සංඛ්‍යා­වක් ඊශ්‍රා­යල ප්‍රහාර හමුවේ ඝාතනයට පත්වු බවත් අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ගාසා නුවර පිහිටි නේවා­සික ගොඩ­නැඟිල්ල­කට එල්ලවූ ප්‍රහා­ර­ය­කින් ඉන්දු­නී­සි­යානු රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­රයා සහ ඔහුගේ දරු­වන් ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන්ද මිය ගොස් ඇති අතර, ගාසා තීරයේ රෝහ­ල්වල වෛද්‍ය කාර්ය මණ්ඩ­ලයේ ආර­ක්ෂාව තහ­වුරු කරන ලෙස සංවි­ධාන රැස­කින් ජාත්‍ය­න්තර ප්‍රජා­ව­ගෙන් ඉල්ලීම් කර ඇතැයිද වාර්තා වේ.

ඛාන් යූනිස් නුවර සර­ණා­ගත කඳ­වුරු රැසක් ප්‍රහා­ර­යට ලක්වීම හේතු­වෙන් එහි සිටි අව­තැ­න්වූ­වන් දුෂ්ක­රතා රැස­කට මුහුණ දී සිටින අතර, ආහාර හිඟය සහ වෛද්‍ය පහ­සු­කම් ප්‍රමා­ණ­වත් නොවීම හේතු­වෙන් සෞඛ්‍ය ගැටලු රැසක් මතුවී ඇතැයිද වාර්තා වේ.

Exit mobile version