Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැයි මස විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල 17.9%ක වර්ධනයක්

2025දී රට විරුවන්ගෙන් මෙරටට ඉතිහාසගත විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක්

2025දී රට විරුවන්ගෙන් මෙරටට ඉතිහාසගත විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක්

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 17.9%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබේ.

මේ වසරේ මැයි මාසයේ සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් මිලියන 164ක් වන අතර මේ වසරේ ගත වු කාලය තුළ මුළු සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 118ක් වැය වී ඇති අතර ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ඇමෙරිකා ඩොලරි මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බවයි වාර්තා වනුයේ.

මේ වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 6.3ක් වේ.

එය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

Exit mobile version