Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිවේගී බස් රථවල ගමන් ගන්නා මගීන්ටත් සැප්තැම්බරයේ සිට ආසන පටි අනිවාර්යයි

අධිවේගී බස් රථවල ගමන් ගන්නා මගීන්ටත් සැප්තැම්බරයේ සිට ආසන පටි අනිවාර්යයි

අධිවේගී බස් රථවල ගමන් ගන්නා මගීන්ටත් සැප්තැම්බරයේ සිට ආසන පටි අනිවාර්යයි

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ටද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයටද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

Exit mobile version