Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු.මි 47ක කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

රු.මි 47ක කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

රු.මි 47ක කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

යාපනය කරෙයිනගර් කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 47කට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සැකකරුවන් තුන් දෙනෙකු සමඟ නාවික හමුදාව සිය භාරයට ගත්හ.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කරෙයි නගර් කෝවිලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ පසුගිය 27 වනදා වැටලීමක් සිදු කර තිබේ.

එහිදී රුපියල් මිලියන 47ක දල වටිනාකමකින් යුතු කේරල ගංජා කිලෝග්‍රෑම් 209 ක තොගයක් සොයා ගැනුනු අතර ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් 03 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ ඩිංගි යාත්‍රාව තුළ උර 06ක පාර්සල් 73ක මේවා අසුරා තිබූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 43 වයස් කාණ්ඩවල පසුවන යාපනය ගුරුනගර් සහ අනලතින් ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

කේරල ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සදහා යාපනය කයිට්ස් පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කර ඇත.

Exit mobile version