Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලුණුවලට උපරිම සිල්ලර මිලක්

ලුණුවලට උපරිම සිල්ලර මිලක්

ලුණුවලට උපරිම සිල්ලර මිලක්

උපරිම සිල්ලර මිලකට යටත්ව ලුණු මිල පහත හෙළීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය විසින් නිවේදනය කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුවයි මෙලෙස ලුණු මිල පහත හෙළීමට සිදු කර තිබෙන්නේ.

පසුගිය දිනවල රජය විසින් සිමා ලිහිල් කිරීමට අනුව අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය නිවේදනයෙන් සඳහන් කරන්නේ.

ඒ අනුව ලුණු උපරිම සිල්ලර මිලට යටත්ව නිකුත් කිරීමට ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කටයුතු කර තිබෙනවා.

එම මිල ගණන් පහතින්,

කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180
ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240
ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයෙන් නිකුත් කළ නිවේදනය පහතින්:

Exit mobile version