Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“රිවර්ස්ටන්” චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන 2ක්

"රිවර්ස්ටන්" චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන 2ක්

"රිවර්ස්ටන්" චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන 2ක්

ජාත්‍යන්තර සිනමා උලෙළකදී මෙරට චිත්‍රපටයක් යළිත් වරක් සම්මානයට පාත්‍ර වී තිබේ

චීනයේ ෂැන්හයි නුවර පැවති 27වන ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්වු රිවර්ස්ටන් චිත්‍රපටය සම්මාන දෙකක් හිමිකර ගෙන තිබේ.

ඒ විශිෂ්ටතම තිර රචනය හා විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙනුයි.

මෙම චිත්‍රපටයේ තිර රචනය කළ ලලිත් රත්නායක සහ කැමරා අධ්‍යක්ෂණය කළ ප්‍රභාත් රෝෂන් යන ශිල්පීන් දෙදෙනා සිය සම්මාන රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් ඊයේ (23) රාත්‍රීයේ දිවයිනට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් සහ කලාකරුවන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

Exit mobile version