Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් 85 දෙනෙකු පිටුවහල් කරයි

සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් 85 දෙනෙකු පිටුවහල් කරයි

සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් 85 දෙනෙකු පිටුවහල් කරයි

මෙරට රැදී සිටිමින් පරිගණක අපරාධ ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු, මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව, බන්ධනාගාර ගත කර සිටියදී,අද (20) අලුයම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මෙම චීන ජාතිකයන් පිරිස මෙරට අධිකරණය මඟින් වැරදිකරුවන් වීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි අතර පසුව ඔවුන් පිටුවහල් කිරීමේ තීරණය මත වැලිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු රැඳවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර එවා තිබුණි.

බස් රථ 05ක පටවා ගත් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර, ඔවුන් දැඩි ආරක්ෂාවක් යටතේ ගුවන් යානය වෙත ඇතුළු කර තිබුණි.

මෙම චීන ජාතිකයන් පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85දෙනෙකු ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රීලංකන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් ඇතුළු 172කු මෙම ගුවන් යානයේ ගමන් ගත් බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version