Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක්

අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක්

අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස රොහාන්ත අබේසුරිය මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ.

මෙම අනුමැතිය ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතා මීට පෙර එහි අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමත් සමඟ 2025 පෙබරවාරි 02 වන දින විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස පත් කෙරුණා.

ලෆාර් මහතාද ජුනි 18 වැනිදා විශ්‍රාම යෑමට නියමිතයි.

Exit mobile version