Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උප තැපැල් ස්ථානාධිපතිවරු 378 දෙනෙකුට ස්ථිර පත්වීම්

උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 දෙනෙකුට ස්ථිර පත්වීම්

උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 දෙනෙකුට ස්ථිර පත්වීම්

තැපැල් දෙපාර්තමේන්තුව ලබන වසර අවසන් වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

වසර පහකට ආසන්න කාලයක් වැඩබලන උප තැපැල් ස්ථානාධිපති තනතුරේ රාජකාරී කළ 378 දෙනෙකුට ස්ථීර පත්වීම් පිරිනැමිම අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන්ද මෙම උත්සවයට එක්ව සිටියා.

1921 වසරේ උප තැපැල් කාර්යාල 6කින් ආරම්භ වු උප තැපැල් ස්ථානාධිපති සේවාව මේ වන විට දිවයින පුරා අනුමත උප තැපැල් කාර්යාල 3410ක් දක්වා ව්‍යාප්තව පවතියි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ තැපැල් සේවාව ජනතාවට සමීප සේවාවක් බවට පත්කිරිමේ කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

Exit mobile version