Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සබන් වර්ග ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක්

සබන් වර්ග ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක්

සබන් වර්ග ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක්

වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද විවිධ පාර්ශව මගින් සිදුකරන පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ වෙනුවෙන් මුලික සාකච්ඡාවක් ඊයේ (11) අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළඳරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්යය කිරීම යනාදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර ඇත.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ වෙළෙඳපොළේ ප්‍රසිද්ධ සබන් නිෂ්පාදකයන්ද සහභාගි තිබේ.

වෙළෙඳපොළේ සාධාරණ තරගයක් තුළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දී පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.

Exit mobile version