Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඕස්ට්‍රෙිලියානු ෆෙඩරල් පොලීසිය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර අවබෝධතා ගිවිසුමක්

ඕස්ට්‍රෙිලියානු ෆෙඩරල් පොලීසිය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර අවබෝධතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ඕස්ට්‍රෙිලියානු ෆෙඩරල් පොලීසිය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර අවබෝධතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ත්‍රස්තවාදය, සයිබර් අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් වෙළෙඳාම, මිනිස් ජාවාරම සහ වෙනත් ආකාරයේ සංවිධානාත්මක හා ජාත්‍යන්තර අපරාධ හේතුවෙන් වර්ධනය වන අභියෝගයන්ට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සමාන අභිලාෂයන් සහිතව කටයුතු කරනු ලබනවා.

එබැවින්, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම හා නීති ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගිතා පහසුකම් සැපයීම, සම්බන්ධීකරණ නීති පැනවීමේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, පවත්නා සහයෝගිතා රාමු ශක්තිමත් කිරීම, තොරතුරු ප්‍රවර්ධනය සහ දැනුම හුවමාරු කිරීම, ධාරිතා සංවර්ධනය ආදිය අරමුණු කර ගනිමින් ඕස්ට්‍රෙිලියානු ෆෙඩරල් පොලීසිය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, දෙපාර්ශ්වය අතර අන්තර්ජාතික අපරාධ මැඩලීම සහ පොලිස් සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Exit mobile version