Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටවල් 12කට අමෙරිකාවට ඇතුළුවීමේ තහනම් නියෝගය ක්‍රියාත්මකයි

රටවල් 12කට අමෙරිකාවට ඇතුළුවීමේ තහනම් නියෝගය ක්‍රියාත්මකයි

රටවල් 12කට අමෙරිකාවට ඇතුළුවීමේ තහනම් නියෝගය ක්‍රියාත්මකයි

රටවල් 12ක් සඳහා අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය ඊයේ දින (09) සිට බලාත්මක වීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විදේශීය ත්‍රස්තවාදින්ගෙන් අමෙරිකාව ආරක්ෂා කිරිම අරමුණු කරගනිමින් අමෙරිකානු ජනපති එම නියෝගය නිකුත් කළ බවයි.

ඒ අනුව ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලට මෙම තහනම පනවා තිබෙනවා.

ඊට අමතරව, බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයින් සඳහා අර්ධ සංචාරක තහනමක් පනවා ඇති බවද වාර්තා වේ.

Exit mobile version