Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 මුල් මාස 04 තුළදී රාජ්‍ය ආදායමේ කැපීපෙනෙන වැඩිවීමක්

2025 මුල් මාස 04 තුළදී රාජ්‍ය ආදායමේ කැපීපෙනෙන වැඩිවීමක්

2025 මුල් මාස 04 තුළදී රාජ්‍ය ආදායමේ කැපීපෙනෙන වැඩිවීමක්

2025 මුල් මාස 04 තුළදී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වේ.

2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රු.බිලියන 1,218.07ක් ලෙසින් වාර්තා වන අතර එය මෙම වසරේ පළමු මාස 04 තුළදී රු.බිලියන 1,454.67ක් දක්වා, රු.බිලියන 236.60 කින් වැඩි වී තිබේ. මෙය 19.42%ක වර්ධනයකි.

එහිදී රු.බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් වාර්තා වීම විශේෂත්වයකි. විශේෂයෙන් එම මාසය තුළදී වාහන ආනයනය නැවත විවෘත කිරීම හේතුවෙන් මෙලෙස බදු ආදායමේ ඉහළ යාමක් වාර්තා වී තිබේ.

මේ අතර 2025 පළමු මාස 04 අවසානයේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂය රු.බිලියන 532.73ක ධන අගයයක් වාර්තා කරන අතර සමස්ත අයවැය හිඟය රු.බිලියන 261.61ක් ලෙසින් සටහන්ව ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවක් ඉහතින් දැක්වේ.

Exit mobile version