Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.

එම උපදෙස් පත්‍රිකාවේ දැක්වෙන්න‍ේ, සිදුකරන විශේෂ පරීක්ෂා කිරීම්වලදී පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් එම පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගද ගතහැකි බවයි.

පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙනයාම සඳහා මීට පෙර නිකුත්කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ උපදෙස් ලිපිවලට අමතරව ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් නව උපදෙස් පත්‍රය නිකුත්කර තිබෙනවා.

ඒ අනුව සියලු පාසල් පරිශ්‍රය මදුරුවන් බෝ නොවන පරිදි පවත්වාගෙන යාම සදහා පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස්කර ක්‍රියාත්මක කිරීමට එමගින් යෝජිතයි.

මේ සම්බන්ධයෙන් සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු, පිරිවෙන් පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරු සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් දැනුම්වත්කර තිබෙනවා.

ඒ අනුව පාසල්වල විටින්විට සිදුකෙරෙන පරික්ෂාවලදී එම පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි මට්ටමේ ස්ථාන වාර්තා වුවහොත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වුවද ගතහැකි බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version