Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස 05ක් තුළ විදේශ සේවා නියුක්තික ප්‍රේෂණ ඩො.බි 3 ඉක්මවයි

2025දී රට විරුවන්ගෙන් මෙරටට ඉතිහාසගත විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක්

2025දී රට විරුවන්ගෙන් මෙරටට ඉතිහාසගත විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7ක් ලෙසින් වාර්තා වී ඇත.

ඒ අනුව 2025 ජනවාරි – මැයි කාලපරිච්ඡේදය තුළ දී ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,102.2ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2024 වසරේ පළමු මාස 05 තුළ වාර්තා වී ඇති විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 2,624.4 හා සැසඳීමේ දී 18.2%ක වර්ධනයක් වේ.

මේ අතර 2025 මැයි මාසය තුළ දී වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 164.1ක් ලෙසින් වාර්තා වේ. ඒ අනුව 2025 මුල් මාස 05 තුළ වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම ඩොලර් මිලියන 1,543.1ක් ලෙසින් සටහන් වන අතර එය 2024 මුල් මාස 05 වාර්තා වුණු ඩොලර් මිලියන 1,405.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයට වඩා 9.8%ක ඉහළ යාමකි.

Exit mobile version