Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අනු කමිටුවක්

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අනු කමිටුවක්

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අනු කමිටුවක්

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බහුලව මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර එම කරුණු සලකා බලමින් අමාත්‍යංශීය කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගත් බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විමර්ශනය කර සුදුසු පියවර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර ඇත.

අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව අවශ්‍ය ආයතනවල නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කර ඉදිරියේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවට මුහුණ දී ඇති ජනතාව මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමට මෙම කමිටුව මගින් සිදුකරනු ඇති බවය.

Exit mobile version