Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් මෙරටට පරීක්ෂාවකින් තොරව ඇතුල්කර ගත් කන්ටේනර් බහාලුම්වල ඇත්තේ LTTE ත්‍රස්ත සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවි ආයුධ බව අද දින (05) පාර්ලිමේන්තු සභා වාරයේ දී ප්‍රකාශ කර තිබෙනවා.

2009 යුද කාලයේ දී යුද්ධයට අවශ්‍ය අවි ආයුධ තොගයක් මෙරටට ගෙන්වීමට නොහැකිව ඒවා තායිලන්තයේ සිර වී තිබූ බවත්, එම තොගය මෙලෙස කන්ටේනර් මගින් රට තුළට මුදා හැර ඇති බවත් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටි.

ජර්මනියේ සිටින ඩයස්පෝරා සාමාජිකයින් සමඟ ජනපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමට පෙර හමු වී සාකච්ඡා පැවැත්වූ බවත්, මෙරට තුළ සිදු කළ නොහැකි ඇතැම් ක්‍රියා සිදු කරන බවට ජනපතිවරයා පොරොන්දු වී ඇති බවට ඔහු දන්නා ඩයස්පෝරා සාමාජිකයින් දැනුම්දී ඇති බවත්, මේ ගැන සමාජයේද කතාබහක් නිර්මාණය වී ඇති බවත් අර්චුනා මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඔහු ඉදිරිපත් කරන කළ මෙම කරුණු වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Exit mobile version