Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 05-19ත් අතර පාසල් සිසුන්ට ඩෙංගු සහ චිකුන්ගුනයා පැතිරයාමේ අවදානමක්

අවුරුදු 05-19ත් අතර පාසල් සිසුන්ට ඩෙංගු සහ චිකුන්ගුනයා පැතිරයාමේ අවදානමක්

අවුරුදු 05-19ත් අතර පාසල් සිසුන්ට ඩෙංගු සහ චිකුන්ගුනයා පැතිරයාමේ අවදානමක්

මෝසම් වැසි සමය එළඹීමත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව 2025 මැයි 31 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසු වන දරුවන් බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අනාවරණය කරන්නේ.

එබැවින් පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොර ව ආරක්ෂිත ව පවත්වාගෙන යාම සඳහා මීට පෙර නිකුත් කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපි වලට අමතර ව ගතයුතු ක්‍රියාමාර්ග හා උපදෙස් නිකුත් කර ඇති අතර සිසු දරුවන් හා අධ්‍යයන/ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් කර තිබේ.

ඒ අනුව සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, පිරිවෙන්වල පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් අදාළ උපදෙස් පරිදි කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.

අදාළ උපදෙස් ලේඛණය පහතින්,

Exit mobile version