Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පෙළ සමත් සිසුන් 90,000ක් මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචි වෙයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 90,000කට අධික පිරිසක් Online ඔස්සේ ලියාපදිංචි වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ලියාපදිංචියට දුන් කාලය පසුගිය 30 වැනිදායි අවසන් විය.

කොමිසම පැවසුවේ ලියාපදිංචි කළ සිසුන්ගේ කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීමට ලබන 13වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇති බවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩිවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකියි.

එලෙස කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කළ සිසුන්ගේ අයැදුම්පත්වල පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් කොමිසම වෙත ලැබීමට සැලැස්විය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.

Exit mobile version