Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධ්‍යාපන අමාත්‍යංශයෙන් රතු එළියක්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් රතු එළියක්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් රතු එළියක්

චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කර ගන්නා සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ මේ වනවිට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා දේශපාලන මැදිහත්වීම සම්පූර්ණයෙන් නතර කර ඇති බවයි.

එවැනි තත්ත්වයක් තිබියදී පාසල්වලට ළමුන් ඇතුළත් කිරිමේදි ඇතැම් තැන්වල අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබි ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

එවැනි අක්‍රමිකතා ඇත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Exit mobile version