Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරු ගාසා තීරයේ සෞඛ්‍ය පහසුකම් සියල්ල නවතී

උතුරු ගාසා තීරයේ සෞඛ්‍ය පහසුකම් සියල්ල නවතී

උතුරු ගාසා තීරයේ සෞඛ්‍ය පහසුකම් සියල්ල නවතී

ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලේද කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි වෛද්‍යවරයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, උතුරු ගාසාහි ජබාලියා ප්‍රදේශයේ පිහිටි අල් අවුදා රෝහලේ කටයුතු මෙලෙස නතර කර ඇති බවයි.

මේ සමග එම ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් සපයන කිසිදු ස්ථානයක් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් ඊශ්‍රායල හමුදා විසින් ලබාදුන් නියෝග මත මෙලෙස එම රෝහලේ කාර්යය මණ්ඩලය ඉවත් වී ඇති බවර වාර්තා වුණ නමුත් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

මේ අතර ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවලියට මෙතෙක් හමාස් සංවිධානය එකඟතාව පළකර නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කළා.

Exit mobile version