සතොසට අයත් රුපියල් ලක්ෂ 390ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන නලීන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අළුත්ගමගේ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව, නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
2015 ජනාධිපතිවරණය සමයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බෙදා හැරීම සදහා සතොස මුදල් රුපියල් ලක්ෂ 390ක් අවභාවිතා කරමින් කැරම් සහ දාම් බෝර්ඩ් මිලදී ගැනීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.
මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනාට අමතරව, එවකට ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්, ව්‍රිශාමික මේජර් ජනරාල්, නන්ද මල්ලවාරච්චි යන අයද මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර තිබේ.
නලින් ප්‍රනාන්දු එවකට සතොස සභාපතිවරයා වූ අතර මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.