Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

NMRA ප්‍රධාන විධායක නිලධාරී ජීවිත තර්ජන හේතුවෙන් ඉල්ලා අස්වෙයි

NMRA ප්‍රධාන විධායක නිලධාරී ජීවිත තර්ජන හේතුවෙන් ඉල්ලා අස්වෙයි

NMRA ප්‍රධාන විධායක නිලධාරී ජීවිත තර්ජන හේතුවෙන් ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී සවින් සේමගේ, තම ජීවිතයට ඇති තර්ජන හේතුවෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මහජන සෞඛ්‍ය විශේෂඥයෙකු වන සේමගේ, මැයි 17 සෙනසුරාදා සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් මැයි 09 වන දින රාත්‍රී 11.30ට පමණ ඔහුගේ නිවසට පුද්ගලයින් දෙදෙනෙකු කඩා වැදී ඇති බවට වාර්තා වීමෙන් පසුව ඔහු මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහුගේ නිවසේ සවිකර ඇති සීසීටීවී දර්ශනවලින් පෙනී ගියේ, අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනා නිවස වටා ඇවිද යන ආකාරය සහ නිවසේ නිදන කාමරවලට එබී බලන ආකාරයයි.

වෛද්‍ය සේමගේ 2021 නොවැම්බර් සිට 2022 මැයි දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ, ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ අතර පසුව ඔහු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ ඇති වූ මතභේද හේතුවෙන් ඉල්ලා අස් වුණා.

ඖෂධ ප්‍රසම්පාදනයේ අක්‍රමිකතා හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ලට ඉල්ලා අස්වීමට සිදු වූ පසු, ඔහු වෙනුවට පත් වූ රමේෂ් පතිරණ අමාත්‍යවරයා විසින්, සේමගේ නැවත ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගෙන එනු ලැබුවා.

ඉන්පසුව, 2024 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබුවා.

Exit mobile version