Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එජාපය හා සජබයෙන් ඒකාබද්ධ නිවේදනයක්

එජාපය හා සජබයෙන් ඒකාබද්ධ නිවේදනයක්

එජාපය හා සජබයෙන් ඒකාබද්ධ නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාව විසින් විපක්ෂයට බහුතර බලය ලබාදී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව අද දින (19) පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණය ගෙන ඇත.

එම සාකච්ජාව සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සම්බන්ධ වී ඇති අතර අදාළ තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරාළ යන අය විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

Exit mobile version